How to use Videos 📺
Course එකම run වෙන්නේ videos විදිහට ✅
මේ videos වල මං ගොඩක් පැහදිලිව හැම දේම කියලා දෙනවා. හැබැයි එක දෙයක් පැහැදිලිව තේරුන් ගන්න ඕනේ. අපි අද ඉදන් developers ලා. අපිට හැම දේම කවුරුවත් කියලා දෙන්නෙ නෑ සහ එහෙම කියලා දෙන්න අමාරුයි. ඉතින් ඒක නිසා සමහර දේවල් මං මග අරිනව හිතුමතාම. මේ මග අරින්නෙ අත්‍යවශ්‍ය දේවල් නෙමේ, ඔයාට කලාතුරකින් අවශ්‍ය වෙන දේවල්. උදාහරණයක් විදිහට මං HTML Table එකක් හදන හැටි කියල දෙන්නෙ නෑ. හේතුව, එහෙම දෙයක් ඕනෙ වෙන්නේ ගොඩාක් කලාතුරකින්. හැබැයි O/Level අච්චු පොතක් අරන් බැලුවොත් පෙනෙයි ඒකෙ ඕක ගැනත් කොටසක් තියනවා කියලා සහ ඒක ගැන විභාගෙට අහනවා.
ඒක නිසා හොදට තේරුන් ගන්න, දැනගෙන ඉන්න ඕනෙ දෙවල් සහ අවශ්‍ය වෙලාවට Google කරල හොයාගන්න ඕනෙ දෙවල් තියනවා. මං ඔයාට පල්වෙනි ජාතිය කියලා දෙනවා. ඔයා දෙවනි ජාතිය හොයාගන්න. මේ course එකේ සෑහෙන්න දුරක් යනකන් ඔයාට දෙවනි ජාතිය ඕනේ වෙන්නෙ නෑ. හැබැයි බය වෙන්නත් එපා. ඒ දෙවනි ජාතිය හොයාගන්න විදිහ පවා මං ලස්සනට කියලා දෙන්නම්.