Welcome to the Web Dev 101 Course 📚
This Course is in Sinhala (සිංහල). If you are a non-native speaker, this tutorial isn't for you.
මේ course එක සම්පූර්ණයෙන්ම FREE, කවුරුහරි මේක ඔයාට විකුණුවා නම් අනිවාරෙන් සල්ලි ටික ආපහු ඉල්ලගන්න. මේ වගේ දේවල් වලට මං කිසි සේත් වගකියන්නෙ නෑ. මේ කෝස් එකේ කිසිම දෙයකට සල්ලි ඉල්ලන්නෙ නෑ. හැමදෙයක්ම 100% FREE. ඒ වගේම තමා කවුරුහරි විකුණනවා දැක්කොත් ඒ කෙනාව හැකිතාක් විවේචනය කරන්න කියලා මං ඔයාගෙන් ඉල්ලනවා.
Complete YouTube Playlist for this Course
Hello 👋
ආයුබෝවන් කියල පිලිගන්නවා මේ කෝස් එකට. මේ කෝස් එකේදි අපි මුල සිට අගට, HTML, CSS, JS වලින් websites හදන හැටි කියල දෙනවා. මේ course එකෙන් පස්සෙ ඔයාට කිසි ගැටලුවක් නැතිව websites හදන්න පුලුවන් Confident Web Developer කෙනෙක් වෙන්න පුලුවන් වෙයි.
මේ course එක තියරි වලට බර නොදී practically අත්‍යවශ්‍ය වන දේවල් වලටයි focus එක දෙන්නෙ. ඒක නිසා කම්මැළි හිතෙන්නෙ නැතිව ඔයාට ලේසියෙන්ම videos දෙක තුනක් බලලා website එකක් හදන්න පටන් ගන්න වුනත් පුලුවන් වේවි.
මේ course එක videos විදිහට තමා මූලිකව run වෙන්නෙ. හැබැයි ඒකත් එක්ක යාබදව මේ e-book එකත් යනවා. මේකෙ හැම video එකටම අදාල අමතර කරුණු වැඩිදුර අධ්‍යන කටයුතු කරන්න අවශ්‍ය resources වගේම ඒ පාඩමට අවශ්‍ය exercises & questions අන්තර්ගත වෙනවා. මේ සියල්ල හැම video එකටම අදාලව හරියට කරොත් තමා ඔයාට හරියටම මේ වැඩේ සාර්ථක කරගන්න පුලුවන් වෙන්නේ.
එහෙනම් අපි ඊලඟ section එකට ගිහින් බලමු තව මොනවද මේ Introduction Chapter එකෙදි දැනගන්න ඕනෙ කියලා.